මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්...
Sri Lanka
Vehicles
Exam department
Motor traffic department
By Aruna
රියදුරු උපදේශකයින් සහ සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචි කිරීමේ ලිඛිත විභාගය 2022 ජුනි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹදී එම විභාගය පැවැත්වෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
විභාගය සඳහා, විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සුදුසුකම් ලබන අයගේ අයදුම්පත් භාරගැනීම 2022 මාර්තු 15 වෙනිදා දක්වා සිදු කිරීමට නියමිතයි.
සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් අදාළ ගැසට් පත්‍රයට අනුව අදාළ දිනයට පෙර ඉල්ලුම් කළ යුතු බවද එහි සඳහන්.
ඒ අනුව 2022 ජනවාරි 28, 2265 අංක දරන ගැසට් පත්‍රය මඟින් විභාගය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |