මෙරටින් මව්වරුන්ට විදෙස් ගතවිමේ තහනමක් පනවයි මෙන්න...

Sri Lanka Government Of Sri Lanka
By Subodha Aug 20, 2022 09:09 AM GMT
Subodha

Subodha

Report

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා සඳහා යොමුවීම පිලිබද නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ .

නව චක්‍රලේඛනානුකූලව වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවසරය ලබානොදීමට අදාල නව චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින මව්වරුන් විදෙස් ගතවීමේදී එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අධ්‍යාපනය සැලසීමට ගෙන ඇති පියවර පිලිබඳව දිවුරුම් ප්‍රකාශයක් ග්‍රාම නිලධාරිවරයාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතු බව මෙම චක්‍රලේඛයේ සදහන් වේ.

අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාදීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිය සංශෝධනය කිරීමට පසුගිය ජුනි 27 වනදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඒ අනුවයි, නව සංශෝධනවලට අනුව අවුරුදු 2 අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ ගතවීමට අවසර ලබානොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත්තේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම චක්‍රලේඛනය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක බවයි 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now