ඒ දවස් වල දුව අපහසුතාවයෙන් හිටියේ - සාරංගගේ මව දිනක්ශි ගැන කියූ කතාව (PHOTOS)

Dinakshie Saranga dinakshie Gossip story
By Sithumi Oct 15, 2021 05:34 PM GMT
Sithumi

Sithumi

Report

කාන්තාවකට මේ ලෝකයේ ලබාගන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. කාන්තාවගේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ ඇගේ කුසින් මෙලොවට දරුවෙකුට බිහිකිරීමෙන් අනතුරුවයි. 

 ඇත්තෙන්ම ඕනෑම විවාහක යුවළකගේ කැදැල්ල සුන්දර කරන්නේ කැදැල්ලට කිරි සිනහවත් රැගෙන පුංචි පැටියෙකු එක්වීමත් සමගිනුයි. පුංචි පැටියෙක් ඉන්න ගෙදර සතුට ආදරය පිරි ඉතිරි යනවා කියන කතාව බොරුවක් නොවෙයි. ඉතින් මෑතකදී උතුම් මව්පදවිය ලබපු මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියලා කියන්නේ. 

කොහොම නමුත් මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග සමගින් විවාහ වන ඇය මීට දින ගණනාවකට පෙරදී උතුම් මව්පදවිය ලබා ගත්තා. ඉතින් මේ යුවළගේ පුංචි කැදැල්ලට කිරි සිනහා අරගෙන ආවේ සිගිති දියණියක් වන අතර ඔවුන්ගේ කැදැල්ලේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වුනා. 

තිලකා රණසිංහ කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ජනප්‍රිය, දක්ෂ ප්‍රවීණ නිවේදන ශිල්පිනියක්. ඒ වගේම ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ මව. මේ පුංචි පවුලට පසුගිය දිනක පුංචි දියණියක් එකතු වුණා. ඉතිං කුලුඳුලේ මිත්තණියක් වීමේ සතුට ගැන ඇය සති අන්ත පුවත්පතකට පවසා තිබුණා . ඒ මෙන්න මේ විදිහට. 

“පුතයි දුවයි එලියට යද්දි සාමාන්‍යයෙන් මට කියලා යන්නේ.හැබැයි මම කවදාවත් අහන්නෑ එයාලා කොහෙද යන්නේ කියලා, මොකද අලුත බැඳපු ජෝඩුවක්නේ එදත් දුවයි පුතයි ගෙදරින් යනකොට මට යනවා කියලා ගියා. හැබැයි අම්මේ කොහෙද කියලා මම ඇහුවෙත් නෑ එයාලා කිව්වෙත් නැහැ .මට ඒකෙ අමුත්තක් දැනුනෙත්නෑ ටිකවෙලාවකින් දෙන්නා ගෙදර ආවේ සතුටෙන් කියලා මට දැණුනා.

ඒ වෙලාවේ මම මේසෙ ලඟ වාඩිවෙලා වැඩක් කරමින් හිටියේ.මූණට මූණ බල බල හිනා වෙවී ආපු දුවයි පුතයි මට ෆෝන් එක පෙන්නුවා. මම හිතුවේ මොකක් හරි පින්තූරයක් පෙන්නනවා කියලා. වෙනදටත් දෙන්න එහෙමයි ඔය ෆේස්බුක් එකේ පින්තූර මට පෙන්වනවා. ඒත් දෙයියනේ දැකපු දෙයින් මට ඇස් අදහා ගන්න බැරුව ගියා.වචන ගොළු උනා ඇස් දෙකෙන් කඳුළු පැන්නා .

මට දැනුනේ මම ඉඳගෙන හිටපු පුටුවෙන් මාව කවුරු හරි නැගිටුවා වගේ.මම එකවරම දුවව තුරුළු කරගෙන අසීමාන්තික ආදරයෙන් ඇයව සිපගත්තා . ඇයව එතරම් සංවේදී කළේ ආදරණීය කළේ තම පුතු පුතුගේ ලේ උරුමය තම ලේලියගේ කුසේ සුවසේ සිටිනා ස්කෑන් ඡායාරූපයයයි. මිත්තණියක් වීමේ සොඳුරු සිහිනයේ වෙලී සිටි ඇය අන් කවරෙකුත් නොව සාරංග දිසාසේකරගේ මෑණියන්ය.රටක් හදුනන ඒ සොඳුරු හඬ හිමිකාරිනිය ඇය තිලකා රණසිංහ මහත්මියයි. 

පුතාටයි දුවටයි ඕන වෙලා තියෙන්නෙ මාව පුදුම කරන්න .මගේ ප්‍රතිචාර බලන්න ඒ නිසා එයාලා ඒ ලොකු රහස මගෙන් දින කිහිපයකට වසන් කරලා.හිතේ සැකේ හරියට තහවුරු කරලා තමයි කිව්වේ. දුව ඒ දවස්වල අපහසුතාවයෙන් හිටියේ.අප්පිරියාවට වඩා ඇයට තිබුණේ වමනය.පුතා මගේ කුසේ ඉන්නකොට මම ගුවන් විදුලියේ වැඩට යනවා.දුවට තරම් නම් මට අපහසුවක් තිබුණෙ නැහැ.හැබැයි වාහනෙන් ගිහින් බහිනකොට මට වමනෙ යනවා.මට මතකයි මම එනකොට නාරද එනවා බස් හෝල්ට් එකට මාව එක්ක යන්න.අමාරු දවසට මම එයාගේ අතේ එල්ලිලා වමනෙ දානවා.

නාරද එදා මං ගැන බැලුවා වගේ පුතා දුව ගැන ආදරෙන් බැලුවා. පුතා වෙනුවෙන් මම ලස්සන ලස්සන ඇඳුම් හදව ගත්තා.මැහුවේ නෑ ඒ කාලේ මහන දුන්නේ නෑ. දුව නම් රෝස පාටින් ලස්සන ඇඳුම් හැදුවා දුවගේ අම්මත් ගෙනත් දුන්නා .මම දැක්ක අපේ මිණිබිරියගේ ඇඳුම් වලට දුව ලස්සන රෝස මල් මහනවා.එයා ඒ වැඩ වලට හරි දක්ෂයි.පුතයි දුවයි එකතුවෙලා ලස්සන baby room එකකුත් හැදුවා.අනේ ඒ පුංචි කාමරේට ගියහම දැනෙන හැඟීම හරිම ආදරණීයයි.මගේ මිනිබිරිය හරිම වාසනාවන්තයි. .

එයාගේ අම්මා තාත්තා එයා වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. අපේ දුව ඉන්ජෙක්ෂන් කට්ට හරි බයයි.දෙවියන්ගේ පිහිටෙන් දරුවා ලැබෙන්න ගිහින් මම විඳපු දුක දුවට විඳින්න ලැබෙන්නේ නැහැ කියලා මම දැනගෙන හිටියා .ඒත් මේ ළමයගෙ සංවේදී කම නිසා එයාගේ හිත ශක්තිමත් කරන්න ඕන නිසාම මම මුහුණ දුන් අත්දැකීම් එයාට කිව්වේ එයාගේ හිත ශක්තිමත් කරන්නමයි.

පුතා ලැබෙන්න ගිහින් මම මුළු මුලු දවසක්ම ලේබර් රූම් එකේ දුක් වින්දා.ඇත්තටම අන්තිමට මම හිටියේ අවසිහියෙන් වගේ.ඩොක්ටර්ස්ලා අන්තිමට තීරණය කලා සීස කරල දරුවාව ගන්න. මමම අත්සන් කරලා කැමැත්ත දුන්නා.අන්තිමට රාත්තල් 9.14 බර දරුවෙක් මම බිහිකළේ සීස සැත්කමකින්.තියටර් එක ගාව දයා ද අල්විස් අක්කා නාරද වගේම නෑයො පිරිලා ඉඳල තියනවා .

නර්ස් එලියේ ඉන්න අයට පුතාව පෙන්නලා කවුරුත් විශ්වාස කරලා නෑ ඒ මගේ පුතා කියලා.මොකද එයාට තිබුණෙ මාස තුනක විතර දරුවෙක්ගෙ පෙණුමක්.ඩොක්ටර්ස්ල පුතාට කතා කළේ ලොකු මහත්තය කියලා. මොකද එයා තමයි වෝඩ් එකේ හිටපු ලොකුම බබා.මට පුතා එක්ක හරියටම මාසයක් රෝහලේ ඉන්න වුණා.ඒ මැහුම් දාපු නූල ඇලජි වෙලා මැහුම් පැසවපු නිසා .ආයෙත් මැහුම් ලිහලා ගැහුව අම්මෝ මම වින්ද වේදනාවක් . 

 මගේ දුවට ඒ වගේ වේදනාවක් විඳින්න වුණේ නැහැ. දුවෙක්ට දරුවා ලැබෙන විට ලග ඉන්න ඕන එයගේ අම්මයි මහත්තයයි. මගේ දුව ළඟ ඒ දෙන්නම හිටිය මම මිනිබිරිය ව දැක්කේ ගෙදර ආවම.පුතයි දුවයි මිනිබිරිය ව අතට දුන්නාම මගේ ඇස් දෙකේ කඳුළු ඉතිරුණා.දැන් මුලුගේම කිරි සුවදයි.පුංචි දරුවෙක්ගේ ඇඩුමක් අහන්න මම ආසාවෙන් බලාගෙන හිටියා. අන්තිමට ඒ ලස්සන හීනය හැබෑ වුණා.දැන් මම බලාගෙන ඉන්නේ මගේ මිනිබිරිය ආදරෙන් උස් මහත් කරන්න.

එයාගේ අම්මයි තාත්තයි වැඩ වලට ගිහින් එනකං හරි ආදරෙන් බලාගන්න.ඉස්සර මගේ හැම හීනයක්ම තිබුණේ පුතාගේ වටේ.දැන් මේ පුංචි සුරංගනාවි ඒ ඔක්කොම එයාගේ කරගෙන.දැන් මගේ හීන ගොඩනැගෙන්නේ අපේ සුරංගනාවිය වටේ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery