අනියම් පෙමට බාධාවක් වූ 3 හැවිරිදි දරුවාට පහර දී ඝාතනය කරලා

India suresh hydrabad child killed udaya
By Sewvandhi Jun 10, 2021 11:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තම තුන් හැවිරිදි පුතාට පහර දී ඝාතනය කළ මවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ, හයිද්‍රභාත් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

තම අනියම් ප්‍රේම සම්බන්ධතාවයට අදාළ පුතා බාධාවක් වූ බැවින් ඔහුව ඝාතනය කළ බවයි සැකකාර මව පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. අදාළ ඝාතනයට සහය දුන් මවගේ අනියම් සැමියාව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

24 හැවිරිදි උදයා නමැති අදාළ කාන්තාව මීට වසර හතරකට පෙර සුරේෂ් නමැති අයව විවාහ කරගෙන තිබෙනවා. මෙම දෙපළට තුන් හැවිරිදි උමේෂ් නමැති දරුවෙක් ද සිටියා. උදයා සහ සුරේෂ් අතර ඇති වූ විරසකය හේතුවෙන් ඇය දරුවා සමග සිය සහෝදරියකගේ නිවස වෙත ගොස් තිබුණා.

එහිදී ඇයට බාස්කරන් නමැති අයෙකු සමඟ මිත්‍රත්වයක් ඇති වූ අතර පසුකාලීනව එය අනියම් ප්‍රේම සබඳතාවයක් ලෙස වර්ධනය වූ බව ද සඳහන්. එමෙන්ම සුරේෂ් තම දරුවාව හමුවීමට පැමිණෙන විට උදයා විසින් උමේෂ්ව කැටුව ගොස් ඔහුව හමුවීමට ඉඩ සලස්වා දුන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙය උදයාගේ අනියම් සබඳතාවයට බාධාවක් වූ හෙයින් උමේෂ් ට කුරිරු ලෙස පහර දී රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now