මහජන ආරක්ෂක ඇමති ඇතුළු පොලිස්පති හදිසියේම පොලිස් රෝහලට
Sri Lanka Police
Tiran Alles
Sri Lanka
By Sithumi
ජුලි 9 හා ඉන් පසු පැවති උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ සුවදුක් විමසීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ගොස් තිබෙනවා.
එම අවස්ථාවට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක්වූ බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග රෝහලේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
දැනට ඇති සේවක පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන ලෙස එහිදී ඔහු පොලිස්පතිවරයාට නියෝග කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |