වාහන තුනක් ගැටී බිහිසුණු අනතුරක් - අම්මත් එක්කම පුතත් ජීවිතයෙන් සමු ගනී
By Kaushi
අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී අද දරුණු රිය අනතුරක් සිදුව ඇත.
එම අනතුරින් එකම පවුලේ මව (58) සහ පුත්‍රයා (29) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි.
එසේම මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් බව පොලිසිය සඳහන් කළා.
මේ අතර තුවාල ලැබූවන් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.