අධිකරණයේදී පලා ගිය සැකකරුවන් දෙකක් අත්අඩංගුවට
පොලිසිය විසින් මාතර, කොටවිල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් මිදී පලාගිය රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු යළි අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණ කටයුතු සඳහා රැගෙන ආ අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා නිලධාරීන් මගහරිමින් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකරුවන් පලායෑමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රදේශය පුරා දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් දෙදෙනා යළි හසුකර ගැනීමට හැකි වී ඇත.