රෝද පුටුවෙන් අභ්‍යවකාශයට ගිය තරුණිය වාර්තා තබයි මෙන්න
ඉතිහාසය අලුත් කරමින් ජර්මානු ඉංජිනේරුවරියක වන අංශභාග රෝගී තත්ත්වයකින් පෙළෙන මයිකල් බෙන්තාස් අභ්‍යවකාශය තරණය කළ පළමු රෝද පුටු භාවිතා කරන්නිය බවට පත්ව ඇත.
මීට වසර 07කට පෙර කඳු පාපැදි අනතුරකින් සුෂුම්නා ආබාධයකට ලක් වූ 33 හැවිරිදි මයිකලා බෙන්තවුස්, ගගනගාමියෙකු වීමේ ඇගේ සිහිනය සාක්ෂාත් කරගැනීමේ අරමුණින් විශ්‍රාමික අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙකුව අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ගෙන ඇත.
ඉන් පසුව ඔහුගේ සහාය ඇතිව එක්සත් ජනපද ප්‍රකෝටිපති ජෙෆ් බෙසෝස්ගේ අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන බ්ලූ ඔරිජින් සමාගම සමඟ ඇය සම්බන්ධ වී තිබේ. පසුව එම සමාගමේ සහාය ඇතිව ඇය සිය සිහනය සැබෑවක් කරගැනීමට සමත් විය.
මෙම කෙටි උප කක්ෂීය චාරිකාව ඊයේ (20) සිදු කල අතර එහිදී "Kármán Line" නැමැති අභ්‍යවකාශය තීරය ඇය තරණය කළාය.. එය මිනිත්තු 11 ක් පමණ පැවති ගුවන් ගමනක් වන අතර එම ගමනට මයිකල් බෙන්තාස් සමඟ ජර්මනියේ හිටපු අභ්‍යවකාශ ඉංජිනේරු හාන්ස් කොනිග්ස්මන් සහ එක්සත් ජනපද ව්‍යවසායකයින් හතර දෙනෙකු ද සහභාගි වී ඇත.
මෙම ගමනේ කොටසක් ලෙස මගීන්ට බර අඩු වීමේ කෙටි මොහොතක් ද අත්විඳීමට අවස්ථාව ලැබී ඇති අතර බෙන්තවුස්, පෘථිවියට නැවත පැමිණීමෙන් පසු අදහස් දැක්වමින් පවසා ඇත්තේ "අවංකවම, එය මෙතෙක් ලැබුණු සිසිල්ම අත්දැකීමයි," යනුවෙනි. "ඔබ ඔබේ සිහින කිසි විටෙකත් අත් නොහැරිය යුතු යැයි මම සිතමි. සමහර විට එය සැබෑ වීමට ඇති ඉඩකඩ අඩුය," එහිදි ඇය වැඩිදුරටත් ලෝකයෙන් ඉල්ලා සිටියේ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ද සෑම දෙයකටම ප්‍රවේශ්‍ය වීමේ හැකියාව වැඩි දියුණු කරන ලෙසය.