“මම කුණුහරුප සිංදු කියනවා කියලා මිනිස්සු මට බැනලා තිබ්බා” - දුශ්‍යන්ත් වීරමන්
පොපියුලර් ගායකයෙකු වන දුශ්‍යන්ත් වීරමන් මෑතකදී තම සංගීත ජීවිතයේ වසර 20ක් සමරනු ලැබීය.
කලබලයකින් තොරව, නිහඬව සහ පරිස්සමින් ගොඩනැඟූ ඔහුගේ ගමන ගැන කතා කිරීමට බොහෝ දේ තිබේ.

දුශ්‍යන්ත්ගේ සංගීත ගමනේ මුල සන්තුෂ් වීරමන් (Bathiya and Santhush හි සන්තුෂ්) බව ඔහු පවසයි. අයියා Michael Jackson අනුගමනය කළ නිසා තමන්ද එසේ කළ බවත්, පසුව අයියා තමන්ගේම ගීත නිර්මාණය කළ විට තමන්ටද එම ආශාව ඇතිවූ බවත් කියයි. මුලදී Iraj සමඟ "පානා සෙනෙහස" ගීතයෙන් ආරම්භ කළ නමුත්, පසුව තනිවම "ජේත්තු නෝනේ", "කරළිය", "නෙළුම් විලෙන්" වැනි ගීත නිර්මාණය කළේය.
එකල අනර්ගෙකලී ආකර්ෂගෙන් ලැබුණු ඇමතුමකින් "ගැස්සෙන ලැම" ගීතය Raja FM චාර්ට් එකේ අංක 1 වී ඇති බව දැනගත්තු බවත්, එතැන් සිට "වාසනා ලොවක්", "මතකේ හසරැල්", "දේදුන්න", "ගෝමර මාලා", "ඔමරි ලතා" වැනි ගීත රසිකයන් අතර ජනප්‍රිය වූ බවත් ඔහු සිහිපත් කරයි.
ජනප්‍රියත්වය ලැබුණු පසු එහි පවත්වාගෙන යාම අභියෝගයක් බවත්, "කරළිය" ගීතයේ පදවැලක් "කුණුහරප" ලෙස විවේචනයට ලක්වූ බවත් ඔහු පැවසීය. නමුත් එහි අසභ්‍ය තේරුමක් නැති බව අවධාරණය කළේය.
මියුසික් වීඩියෝවල නිරූපිකාවන් තෝරාගැනීම ගීතයට ගැලපෙන ආකාරයට සිදුකරන බවත්, "ජේත්තු නෝනේ" සඳහා අනර්කලී, හසිනි ගෝනගල සමඟ කළ වීඩියෝ බොහෝමයකට හසිනි, "ඔමරි ලතා" සඳහා පියුමි හංසමාලි තෝරාගත්තේ ඇගේ ජීවිත කතාව ගීතයට සමාන නිසා බවත් කියයි.

අයියා සන්තුෂ් තමන්ගේ ලොකුම අභිප්‍රේරණය බවත්, ඔහුගේ උපදෙස් සහ සහයෝගය නිසාම අද මෙතැනට ආවා බවත් දුශ්‍යන්ත් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ "Michael Jackson" ලෙස හැඳින්වෙන දුශ්‍යන්ත්, තමන්ගේ සංගීතය ආත්ම තෘප්තිය සඳහා කළ බවත්, විශ්ව ශක්තිය නිසාම ගීත ජනප්‍රිය වූ බවත් විශ්වාස කරයි.
වසර 20ක් ක්ෂේත්‍රයේ ස්ථාවරව සිටීම ඔහුගේ කැපවීමේ සහ රසිකයන්ගේ ආදරයේ ප්‍රතිඵලයි. දුශ්‍යන්ත්ට සුබ පැතුම්!