මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ VMS හැක් වුණාද? - CID විමර්ශනය ඇරඹේ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාවිතා කරන යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (Vessel Monitoring System - VMS) වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ පුද්ගලයන්ගේ අනවසර ප්‍රවේශයක් සිදුව ඇති බවට බුද්ධි තොරතුරු ලැබීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය පද්ධතිය මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනයට සැක සහිත බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු නිරීක්ෂණය කිරීමට භාවිතා වන අතර, පසුගිය වසර කිහිපය තුළ නාවික හමුදාවේ සහාය ඇතිව මුහුදේදී විශාල මත්ද්‍රව්‍ය තොග බොහෝමයක් අත්අඩංගුවට ගැනීමට මෙය උපකාරී වී තිබේ.
බුද්ධි වාර්තා අනුව, අනුමත විමර්ශකයන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාල සම්බන්ධ පුද්ගලයන් විසින්ද මෙම පද්ධතියේ දත්ත වෙත ප්‍රවේශ වී ඇති බව සැක මතුව ඇත. මෙම අනවසර ප්‍රවේශය වැළැක්වීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියේ සියලුම ප්‍රවේශ අක්තපත්‍ර (credentials) වෙනස් කර ඇති බවද වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සිදුවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රහසිගත මෙහෙයුම් තොරතුරු කාන්දු වීමේ බරපතල අවදානමක් ඇති කර ඇති බැවින්, පද්ධතියේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන තිබේ.
මෙම විමර්ශනය තවදුරටත් පුළුල් කරමින් සිදු කෙරෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.