භායනක අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක සිටි මගීන් දෙදෙනෙකු බසයෙන් බැසයන අවස්ථාවේ ලොරි රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත. හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදී මෙම අනතුර සිදුවූ අතර අද (20) උදෑසන 7:00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයේ රියැදුරුට විවේක ගැනීම සදහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කළ අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකුද බස් රථයේ පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් රා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
දිඹුල පතන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු පවසන්නේ ලොරි රථයේ රියැදුරා දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රියැදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන බවත්ය.
අනතුරින් මියගොස් ඇත්තේ ලිඳුල මෙරායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් නමැති 25 හැවිරිදි තරුණයෙක්වන අතර අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.