කුරුල්ලන්ගේ හා මිනිසුන්ගේ ලේ බොන මදුරුවෙක් ගැන ඇහෙන අලුත්ම ආරංචියක්!

Disease Sinhala news
By Shehan Apr 21, 2025 05:50 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් කණ්ඩායමක් රෝග වාහක විභවයක් සහිත නව මදුරු විශේෂයක් සොයා ගැනීමට සමත්ව ඇත.

Culex cinctellus ලෙස නම් කර ඇති මෙම මදුරු විශේෂය, මීට පෙර මිනිස් රුධිරය උරා බොන බව වාර්තා නොවුණත්, ශ්‍රී ලංකාවෙන් සොයාගත් මෙම විශේෂයේ මදුරුවන් මිනිස් රුධිරය උරා බොන බව පර්යේෂණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ගයාන් කුමාරසිංහ මහතා හෙළි කළේය.

ශ‍්‍රී ලංකාවට GSP+ සහනය අහිමි වෙන්න යන්නේ..

ශ‍්‍රී ලංකාවට GSP+ සහනය අහිමි වෙන්න යන්නේ..

Culex (Lophoceraomyia) cinctellus ලෙස හඳුන්වන මෙම මදුරු විශේෂය ප්‍රථම වරට 1922දී හමුවී ඇත. ඔවුන් ප්‍රධාන වශයෙන් ආසියාවේ උෂ්ණ හා උපඋෂ්ණ කලාපීය රටවල වාසය කරන අතර, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය ඒ අතර වේ.

කෙසේ වුවත්, එම රටවල වාර්තා වූ C. cinctellus මදුරුවන් මිනිස් රුධිරය උරා බොන බවට වාර්තා නොවුණත්, ශ්‍රී ලංකාවෙන් සොයාගත් මෙම නව විශේෂයේ මදුරුවන්, සියවසකට පසු, මිනිස් රුධිරය උරා බොන බව සනාථ වූ බව ගයාන් කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය.

පිල්ලයාන් ගැන කිඹුල් කඳුලු හෙළන නාමල් - නලින්ද කියයි

පිල්ලයාන් ගැන කිඹුල් කඳුලු හෙළන නාමල් - නලින්ද කියයි

ඔහු මෙසේද පැවසීය;

“මෙම මදුරු විශේෂය අපට මුලින් හමුවුණේ කුරුල්ලන් ආකර්ෂණය කරන උගුලකින්. එබැවින් අපි මුලින් සිතුවේ මෙය කුරුල්ලන්ගේ රුධිරය උරා බොන මදුරු විශේෂයක් බවයි. නමුත් දිගින් දිගටම කළ පර්යේෂණවලදී අපට පැහැදිලි වුණා මෙම මදුරුවන් කුරුල්ලන්ගේ මෙන්ම මිනිසුන්ගේ රුධිරය උරා බොන්නත් රුචිකත්වයක් දක්වන බව.”

මෙම මදුරුවන් කුරුල්ලන්ගේ රුධිරය උරා බොන නිසා, කුරුල්ලන්ගේ රුධිරයේ ඇති විය හැකි අහිතකර වෛරස් මිනිස් රුධිරය සමඟ මිශ්‍ර වීමේ අවදානමක් ඇති බවත්, එබැවින් මෙම නව මදුරු විශේෂය අනාගතයේදී ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බවත් පර්යේෂකයෝ පවසති.

“C. cinctellus මදුරුවන් ශ්‍රී ලංකාවේ බරවා රෝගය බෝකරන C. quinquefasciatus මදුරුවාට බාහිර රූපයෙන් හා ජානමය වශයෙන් බෙහෙවින් සමානයි. නමුත් බරවා රෝගය බෝකරන මදුරුවා රාත්‍රී 8න් පසු මිනිස් රුධිරය උරා බොන අතර, මෙම මදුරුවා සවස 5න් පසු මුළු රාත්‍රිය පුරාම රුධිරය උරා බොනවා. අපේ පර්යේෂණ කණ්ඩායම 2020දී මෙම විශේෂය සොයාගත්තත්, 2025 වන තුරු අපි මෙය හෙළි නොකළේ වැඩිදුර පර්යේෂණ සඳහායි. තවමත් මෙම මදුරුවා රෝග වාහකයෙකු ලෙස ක්‍රියා කරන බවක් නොපෙනුණත්, අනාගතයේදී එවැනි අවදානමක් ඇති බව අපි පිළිගන්නවා.”

වාර්තාවක් පිහිටුවමින් 17 වන වරටත් ලෝක ශූරයා වුනු ජෝන් සීනා

වාර්තාවක් පිහිටුවමින් 17 වන වරටත් ලෝක ශූරයා වුනු ජෝන් සීනා

මෙම නව මදුරු විශේෂය අන්තර්ජාතිකව ප්‍රකාශයට පත්කිරීමට ජානමය පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවේ පහසුකම් නොමැති වීම නිසා, දකුණු කොරියාවේ රසායනාගාරයකින් ජාන විශ්ලේෂණ වාර්තාව ලබාගත් බවත්, ඒ සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්ය තාරක රණතුංග සහ වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලහිරු උදයංග ඇතුළු පිරිස විශේෂ දායකත්වයක් ලබාදුන් බවත්, ඔවුන්ට විශේෂ ස්තුතිය පිරිනැමිය යුතු බවත් ගයාන් කුමාරසිංහ මහතා පැවසීය.

මෙම සොයාගැනීම සඳහා ප්‍රමිත රංගන, ගයාන් කුමාරසිංහ, නලීන් ජයසිංහ, ලහිරු උදයංග, තාරක රණතුංග, තිස්ස කරුණාරත්න සහ වර්ධා ඊෆායි යන පර්යේෂකයන් එක්ව කටයුතු කර ඇත.

වාර්තාවක් පිහිටුවමින් 17 වන වරටත් ලෝක ශූරයා වුනු ජෝන් සීනා

වාර්තාවක් පිහිටුවමින් 17 වන වරටත් ලෝක ශූරයා වුනු ජෝන් සීනා

ReeCha