ලිංගික උත්තේජනයට ගන්න එන්නත් මිලට ගද්දි සිදු කළ කෝටි 6කට වැඩි මූල්‍ය වංචාව.

Government Of Sri Lanka
By Wayomi Nov 09, 2022 07:02 AM GMT
Wayomi

Wayomi

Report

එන්නත් මිලදී ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.

මෙහිදී එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් සම්බන්ධයෙන් විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇති බව සඳහන්.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි.

නමුත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇති බවට විගණන වාර්තාවේ දැක්වෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW