විශේෂඥ වෛද්‍යවරියගේ තවත් කෙරුවාවන් එළියට

Hospitals in Sri Lanka Law and Order Sinhala news
By Mithu Jun 18, 2025 06:09 PM GMT
Mithu

Mithu

Report

වැඩි මිලට ඖෂධ උපකරණ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා එක්ව සිදුකළ වංචාවේ තවත් කරුණු මේ වනවිට හෙළිවෙමින් තිබේ.ඔවුන් මේ වංචාවට අමතරව තවත් ක්‍රියාවන් සිදුකර තිබේ.එය පිළිබඳවයි මේ අනාවරණය.

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

මෙම වංචාව සිදුකර ඇත්තේ එම රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන අතර, ඇයට විරුද්ධව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භකර ඇත්තේ 2023 වසරේදීය. එතැන් සිට අනාවරණය කරගත් කරුණු අනුව අදාළ වෛද්‍යවරිය සිදුකර ඇත්තේ ස්නායු සැත්කම් සඳහා අවශ්‍යවන EVD සහ VP Shunt නමැති උපකරණ, වෙළඳපොළ මිලට වඩා වැඩි වටිනාකමකට තෙවැනි පාර්ශ්ව හරහා අලෙවි කිරීමයි. මෙම ජාවාරමට සම්බන්ධ උපකරණයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 30,000ත් 60,000ත් අතර වුවත්, ඇය ඒවා අලෙවිකර ඇත්තේ රුපියල් 120,000ත් 250,000ත් අතර මුදලකට බව වාර්තා වේ.

අදාළ වෛද්‍යවරියගේ සැමියා ආරම්භ කළ සමාගමක් හරහා මුලදී මෙම ජාවාරම සිදුකර ඇති අතර, සිය සැමියාගේ අභාවයෙන් පසු අදාළ ගනුදෙනු ඇය යටතේම සිදුකරගෙන ගොස් ඇති බව මේ වනවිට කරුණු අනාවරණය වෙමින් තිබේ. ඒ අනුව මෙම සැත්කම් උපකරණ වැඩිමිලට අලෙවි කර ඇත්තේ ඇය සමග මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙදෙනාගේ සහාය ඇතිව බව සඳහන්.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ජයවර්ධනපුර රෝහලට මෙම උපකරණ වාර්ෂික ඇස්තමේන්තු හරහා ලබාගත හැකි වුණත්, අදාළ වෛද්‍යවරිය සිදුකර එම ක්‍රමවේදයට නොයා මෙම ජාවාරම සිදුකරගෙන යෑමයි. මෙම වෛද්‍යවරිය රෝගීන්ගේ පවුලේ ඥාතීන්ට දුරකථන අංකයක් (දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙදෙනාගෙන් අයෙක්) ලබාදී, ඔහු හරහා මෙම උපකරණ අලෙවිකිරීම සිදුකර ඇතැයි සඳහන්. එම අලෙවියෙන් ලද මුදල් වෛද්‍යවරිය හා අදාළ පුද්ගලයාගේ ගිණුම්වලට බැරවී ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශනවලට අනුව හෙළිවී තිබේ.

රෝගීන්ට වෙනත් ආයතනයකින් හෝ මෙම උපකරණ මිලදී ගැනීම වැළැක්වීමට අදාළ තුන්ඩුව (prescription) හෝ ලබා නොදීම මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වේ. අල්ලස් කොමිසම විසින් ඇය යටතේ ශල්‍යකර්ම සිදුකරගත් රෝගීන් 75කගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති අතර, ඔවුන් සමස්ත රෝගීන් 300කගේ පමණ ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ප්‍රකාශ සටහන් කරගත් රෝගීන් 75 දෙනාගෙන් හෙළිකරගත් කරුණු අනුව රුපියල් කෝටි 3ක පමණ මුදලක් වෛද්‍යවරිය ඇතුළු තිදෙනා උපයාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි පැවසේ.

මේ කථානායකටත් කෙළ වෙයිද? විපක්ෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට පැමිණිලි

මේ කථානායකටත් කෙළ වෙයිද? විපක්ෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට පැමිණිලි

ReeCha