මැද්දට පැන්න ට්‍රම්ප්ට කමෙනිගෙන් කනේ පාරක්
'තම රට කිසිවිටෙකත් යටත් නොවන බව' ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කර ඇත.
ඒ ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින්.
ඒ අනුව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි විසින් එරට රූපවාහිනි මාධ්‍ය නාලිකාවක් ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එහිදී ඔහු ඊශ්‍රායලට විරුද්ධව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදුකළ හොත් එය ඔවුන්ට ද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වෙයි කියලා අමෙරිකානුවන් දැනගත යුතු බවට අනතුරු අඟවා ඇත.
"ඉරානය, එහි ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසි විටෙකත් තම රාජ්‍යයට තර්ජන කරන්න පෙළබෙන්නේ නෑ. ඉරාන ජාතිය කාටත් යටත් වෙන්නේ නෑ. ඒ නිසා අමෙරිකාව දැනගත යුතුයි ඔවුන්ගේ ඕනෑම යුදමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවෙන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරගැනීමක් පමණයි"
අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය සම්බන්ධයෙන් කියා සිටියේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින බවයි.
එහෙත් ඔහු ඝාතනය කිරීමට දැනට කටයුතු නොකරන බවත් ඔහු පවසා සිටියා. එසේම ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත්විය යුතු බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
