හිතවතුන්ට නිලතල දුන් ධීවර සංස්ථාවේ සභාපතිත් ඇතුලට?

Report

තවත් ආයතනයක හිටපු ප්‍රධානියෙකුට චෝදනා කීපයක් එල්ල වී ඇති අතර ඔහු මේ වන විට විදෙස් ගතවී තිබේ. ඔහු ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු වන අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඔහු යළි ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙසත් පසුව අල්ලස් කොමිසමට බාරදෙන ලෙසත් ආගමන විගමන පාලකවරයාට ඉයේ (17) නියෝග කර ඇත.

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සුදර්ශන ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයාව සිටියදී සිය හිතවතුන් සංස්ථාවේ ඉහළ නිලතල සඳහා නියමිත බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවාගෙන රැකියා ලබාදෙමින් ‘දූෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි. එම විමර්ශනය සඳහා ඔහුට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන්නැයි දැනුම්දීමක් කර තිබුණද, ඔහු එය නොසලකා හරිමින් විදේශ ගතවී ඇතැයි කියමින් අල්ලස් කොමිසම දැක්වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ 2018 වසරේදී ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුදර්ශන ‘දූෂණය’ නම් වරද කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළ බවයි. අදාළ විමර්ශනය සඳහා සුදර්ශනට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇතත් ඔහු බ්‍රිතාන්‍ය රටට ගොස් ඇති බව එහිදී ප්‍රකාශ කර ඇත.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ හා බ්‍රිතාන්‍යේ ද්විත්ව පුරවැසි භාවයක් හිමි සුදර්ශන මහතා නැවත ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට ඉදිරිපත් කිරීමට ආගමනය වීගමන පාලකවරයාට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සුදර්ශන ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පනවමින් ඔහු යළි මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයාට නියෝග කළා.

මේ කථානායකටත් කෙළ වෙයිද? විපක්ෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට පැමිණිලි

මේ කථානායකටත් කෙළ වෙයිද? විපක්ෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට පැමිණිලි