මාංචු දාන්න රට වටේ හොයද්දි දේශබන්දු හැංගුන බල පුටු ගැන එළි වෙයි..පැනලා ගියාට හැංගුනේ නැල්ලු

Report

නීතිඥ සංජය වීරවික්‍රම විසින් වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නියම කර තිබියදී සැඟව සිට ඇත්තේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු පිරිසක් සහ තමා සමග බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඔහු මේ බව කියා ඇත්තේ ඊයේ (17) දින දේශබන්දු තෙන්න­කොන් සිය ධුරයේ බල­තල බර­පතළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බන්ධයෙන් විම­ර්ශනය කොට වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමිටුව රැස් වූ විට එහිදී සාක්ෂි ලබා දෙමින්.

ඒ අනුව ඔහු විසින් දේශබන්දු තෙන්නකෝන් සැඟව සිටියත්, නමුත් පලා ගොස් සැගව සිටියේ නැති බවට කියූ විට ඊට ප්‍රතිචාර ලෙස “නැති සාක්ෂි හැදී­මෙන් වළ­කින ලෙසට” සභා­පතී ප්‍රිතී පද්මන් සූර­සේන පවසා ඇත.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

තවද වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා කියා ඇත්තේ වැලි­ගම W15 හෝට­ල­යට වෙඩි තැබීමේ සිදුවීමේදී මිය ගිය පොලිස් නිල­ධා­රි­යාට පොලිස් ත්‍යාග මුදල් වශයෙන් දුන් ලක්ෂ 15ක මුද­ලට අම­ත­රව ජනා­ධි­පති අර­මු­ද­ලින් ලක්ෂ 25ක් ලබා දීමට කට­යුතු කර ඇති බවත් ඒ සඳහා එව­කට ජනා­ධි­ප­ති­ව­රයාගෙන් ඊට අදාළ ඉල්ලීම කර­න්නට ඇත්තේ එව­කට පොලී­සිය භාර ඇමැ­ති­ව­රයා වූ මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් බවට තමන් විශ්වාස කරන බවත්ය.

ඒ අනුව අඳාළ ඉල්ලීම පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්ට සිදු­කළ නොහැකි බවත් ජීවිතක්ෂයට පත් පොලිස් නිල­ධා­රි­යාට ජනා­ධි­පති අර­මු­ද­ලින් ලක්ෂ 25 මුද­ලක් ­දීමේ යෝජ­නාව ඇමැති ටිරාන් අලස්ට යොමු­ක­ර­න්නට ඇත්තේ දේශ­බන්දු තෙන්න­කෝන්ම බවත් ඔහු දක්වයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

එමෙන්ම එසේ ලබා දී ඇති රුපි­යල් ලක්ෂ 40 මුද­ලක් මිය­ගිය නිල­ධා­රි­යාගේ බිරි­යගේ බැංකු ගිණු­ම­කට යොමු­කර ඇත. එසේම අඳාළ මුදල ලබා­ගත නොහැකි ලෙස අත්හි­ටු­වී­ම­කට ලක්කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා කියයි.

එහිදී අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් පැවසුවේ අදාළ නිල­ධා­රි­යාගේ බිරි­යගේ ගිණු­මට එසේ බැර­කර තිබෙන්නේ රාජ්‍ය මුදල් නිසා මෙසේ එම මුදල් අව­භා­විත වීමට ඉඩ දිය නොහැකි බවයි.

මාතර, වැලි­ගම වෙඩි තැබීමේ සිද්ධි­යට අදා­ළව වාර්තා­වක් ලබා දෙන ලෙසට ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින් එව­කට වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි දේශ­බන්දු තෙන්න­කෝන්­ගෙන්ට අවස්ථා දෙක­කදී දැනුම් දී ඇතත් අවස්ථා දෙක­කදීම දේශබන්දු කොමිෂන් සභාවට යොමු­කර ඇත්තේ එකම ලිපියයි. එසේම එව­කට පොලි­ස්ප­ති­ව­රයාව ක්‍රියා කළ විත්ති­කාර දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ 28ක්, බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ 09ක් සහ විශේෂ ආර­ක්ෂක කොට්ඨා­සයේ 06ක් ලෙස 43 දෙනෙ­කුගේ ආර­ක්ෂා­වක් ලබා දී තිබුණා.

එහෙත් නොදන්වා සැඟව සිටීමට පොලි­ස්ප­ති­ව­රයා ක්‍රියා කළ නිසා එම 43 දෙනා යළි අදාළ කොට්ඨා­ස­ව­ලට කැඳ­වීමට කටයුතු කළ බවත් සාක්ෂි­කාර වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පවසයි.

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

ඊට අමතරව පොලි­ස්පති ධුරයේ වැඩ තහ­න­මට ලක්වූ­ පසු වැටුප් සහ දීමනා ලබා දීම පිළිබඳව තමා මුලින්ම නීති­ප­ති­ව­ර­යා­ගෙන් විමසූ විට, නීති­ප­ති­ව­ර­යාට මෙය අදාළ කාර­ණ­යක් නොවන බැවින් එය විගණකා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් විම­සන ලෙස නීතිපතිවරයා දැනු­වත් කළ බවත් ඔහු පවසයි.

එබැවින් විග­ණ­කා­ධි­ප­තිවරයා­ගෙන් එය විමසූ විට වැටුප් ගෙවීම ගැට­ලු­වක් නැති බව දැනුම් දුන් බව ද වැඩ­බ­ලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

එනිසා මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට වරෙන්තු නිකුත් කිරී­මට නියෝග කරන තුරු අදාළ වැටුප් සහ දීමනා ගෙවී­මට කට­යුතු කර ඇති අතර පසුව මෙම නියෝග­යත් සමඟ එය අත්හි­ටවූ බවත් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් කියූ බව වාර්තා වේ.

සුනාමියක් ආවොත් ඔක්කොම කපෝතියි..තිබ්බ සුනාමි කුළුණු 7 ත් අයින් කරලා

සුනාමියක් ආවොත් ඔක්කොම කපෝතියි..තිබ්බ සුනාමි කුළුණු 7 ත් අයින් කරලා