පහරකෑමට ලක්වූ මන්ත්‍රිනිය බලන්න විපක්ෂ නායක යයි

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Sinhala news
By Mithu Jun 18, 2025 04:43 PM GMT
Mithu

Mithu

Report

කොළඹ මහ නගර සභාවට තේරී පත්වුණු මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලාත්මක කතාබහක් නිර්මාණය විය.

ඒ අනුව පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි මහත්මිය⁣ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා (16) සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට පහර දී තිබේ. පහරකෑම නිසා තුවාල ලැබූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරනු ලැබීය.

ReeCha