කැමරාවෙන් බලල දඩ කොලය ළඟටම ලැබෙන අලුත් විදිහක් හෙට සිට - මාර්ග නීතී කැඩුවොත් බලාගෙනයි..

Report

කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඹා යෑම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

කැමරාවෙන් බලල දඩ කොලය ළඟටම ලැබෙන අලුත් විදිහක් හෙට සිට - මාර්ග නීතී කැඩුවොත් බලාගෙනයි.. | Monitoring Of Vehicles Entering Colombo

ඒ ක්‍රියාත්මක කරන නව CCTV නිරීක්ෂණ ක්‍රමවේදයයි.

එම නව ක්‍රමවේදය හෙට සිට සක්‍රිය කෙරෙන අතර කොළඹට ඇතුළු වන වාහන CCTV කැමරා 108කින් නිරීක්ෂණයට ලක් කෙරෙනු ඇත.

යම් රියදුරෙක් විසින් දුර බැහැර සිට පැමිණ කොළඹ දී මාර්ග නීති උල්ලංඝණය කර හසු වුවහොත් එයට අදාළ දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේ පොලිසිය හරහා නිකුත් කිරීම සිදුකරයි.

එය මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයක් වේ.

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


කොළඹ නගරයට දිනකට ලක්ෂ 5කට ආසන්න රථවාහන සංඛ්‍යාවක් ඇතුළු වන අතර පොලිස් නිලධාරියෙකු මාර්ගයක් අසළ රැඳී සිටින අවස්ථාවල දී විනීතව රිය ධාවනය කිරීමට රියැදුරන් බොහෝවිට කටයුතු කරයි.

නමුත් පොලිස් නිලධාරීන් නොමැති අවස්ථාවල දී මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන ආකාරය ද දැකිය හැකිය.

කැමරාවෙන් බලල දඩ කොලය ළඟටම ලැබෙන අලුත් විදිහක් හෙට සිට - මාර්ග නීතී කැඩුවොත් බලාගෙනයි.. | Monitoring Of Vehicles Entering Colombo

මෙම CCTV නිරීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවට රියැදුරන්ට කල්තියා දැනුම්වත් වීම සඳහා කොළඹට ඇතුළු වන ස්ථාන 9ක දැනුම්වත් කිරීමේ පුවරු සවිකර ඇත.

ඒ ජාත්‍යන්තරව පිළිගත් නීතියට අනුවයි.

කොළඹ දී දුර බැහැර සිට පැමිණ යම් රියැදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසුවුවහොත් ඊට අදාළ නීතිමය කටයුතු ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා සිදුකර ගැනීමට හැකිය.

කෙසේ වෙතත්, හෙට සිට මෙම CCTV නිරීක්ෂණ ක්‍රමවේදයට අමතරව ජංගම CCTV කැමරා රථ මගින් ද කොළඹ අවට මාර්ග රැසක රියැදුරන් දැඩි නිරීක්ෂණයට ලක් කෙරෙයි.

Sponsored By Sarrita Jewellery

කැමරාවෙන් බලල දඩ කොලය ළඟටම ලැබෙන අලුත් විදිහක් හෙට සිට - මාර්ග නීතී කැඩුවොත් බලාගෙනයි.. | Monitoring Of Vehicles Entering Colombo