මියගිය යාචකයකු ලග තිබී හමුවූ සිතාගත නොහැකි දේ

By Sithumi Nov 07, 2022 01:23 PM GMT
Sithumi

Sithumi

Report

අනතුරකින් මරණයට පත්වූ යාචකයකුගෙ බෑගයක තිබූ රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් සොයාගෙන තිබෙනවා එමෙන්ම ගිණුම් පහක පොත් තිබී හමුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

49 හැවිරිදි අයෙක්මෙලෙස මරණයට පත්ව ඇති අතර උඩප්පුව යාය 6 පදිංචි කදිරේෂන් පාලමුරුගන් නැමති මෙම යාචකයා පුත්තලම හලාවත මාර්ගයෙ ආනවිළුන්දාව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී ආනවිළුන්දාව රෝහලට ඇතුලත් කර පසුව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියා සිටියි.

කාලකයක සිට මොහු සිගමන් යදිමින් ජීවත්ව ඇති අතර අනතුරින් මරණයට පත්විමෙන් පසු මෙම යාචකයාගෙ බෑගය පරික්ෂා කිරීමේදී ඉතා ආරක්ෂිතව සඟවා තිබූ 135000 ක මුදලක් හා රාජ්‍ය හා පුද්ගලික බැංකු පහක ගිණුම් වල තවත් රුපියල් 47000 ක මුදලක් තැන්පත් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.