කෘෂිකර්මයට ඉන්ධන දෙන හැටි සඳුදා කියයි

Report

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගොවීන්ට වෙනම කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා සදහන් කර තිබේ.

 එතුමා සදහන් කළේ වාහන නොවන කාණ්ඩයට අවශ්‍ය ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරි සතියේදී පියවර ගන්නා බවයි.

ජෙනරේටර්, ධීවර බෝට්ටු ආදිය සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලෙන බවත් අදාළ කිව්.ආර් කේතය හරහා ඉන්ධන ලබා ගැනීමට පහසුකම සලසන බවත් එතුමා සදහන් කර තිබේ.

ඔවුනට ඉන්ධන ලබාදීමේ නිශ්චිත ක්‍රමවේදය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බවද රත්නායක මහතා තව දුරටත් සදහන් කර තිබේ