20 හැවිරිදි තරුණියක් හිටපු හමුදා ලොක්කෙක් දූෂණය කරයි..තරුණිය සියලු දේ හෙළිකරයි.
පානදුර නිවසක දී උතුරු පළාත භාර ව සිටි යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු, තමා ව දූෂණයට ලක් කළා යැ යි කියමින් 20 හැවිරිදි තරුණියක් පෙරේ දා (13) පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඉකුත් අගෝස්තු මාසයේ දී තන්තිරිමලේ සිට හමුදා නිලධාරියාගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා තරුණිය පැමිණ ඇති අතර, කාත් කවුරුත් නො මැති අවස්ථා කිහිපයක දී ම සැකකරු තමා ව දූෂණය කළ බවටයි තරුණිය පැමිණිල්ල ලබා දි ඇත්තේ.
තම පියා නො මැති බවත් සහෝදරයින් හා මව ජීවත් කරවීමට මෙහෙකාර සේවය සඳහා පැමිණි බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්.
එම සිද්ධියෙන් පසු ව අදාළ තරුණිය විටින් විට සුළු අසනීප තත්ත්වයකින් පෙළී සිට ඇති අතර, එක් අවස්ථාවක දී වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්න හමුවේ ඇය තමාට සිදු වූ අතවරය පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.
වෛද්‍යවරයාගේ පැමිණිල්ලකට අනුව පාණදුර දකුණ පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ සිදුවීමට සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/KyNbToQ4Enz1MnmHezpYZi