මැදපෙරදිග නිසා ඉන්දියාව කැළඹෙයි - ලෝකෙම හැරිලා බලපු ප්‍රශ්නේ ගැන ප්‍රබල රටවල් 5ක් එක්ක විශේෂ සාකච්ඡාවක්

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටාර්, ප්‍රංශය, ජෝර්දානය, ඕමානය සහ මැලේසියාව යන රටවල නායකයන් සමඟ සාකච්ඡා කර තිබෙන අතර එහිදී මැද පෙරදිග පවතින තත්ත්වය පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අඳාළ සාකච්ඡාවල දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, මැද පෙරදිග ගැටුම් සමනය කිරීමට උත්සාහ කරමින්, කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාරයන් දැඩිව හෙළා දැක ඇති බව සඳහන්.

එමෙන්ම නායකයන් පස්දෙනා සමඟ වෙන වෙනම පැවැත්වූ දුරකථන සංවාදවලදී, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර ඇත.

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද ඔහු මෙහිදී අවධාරණය කළ බවයි.

එමෙන්ම කටාරයේ එමීර් තමිම් බින් හමාඩ් අල් තානි සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දියාව කටාර් රාජ්‍යය සමඟ සහයෝගයෙන් සිටින බවත්, කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර දැඩිව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් හෙළා දකින බවත් ය.

ඊට අමතරව හෝමුස් සමුද්‍ර සන්ධියේ නිදහස් නාවික ගමනාගමනයේ වැදගත්කම ද ඔවුන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය දක්වයි.

මේ වෙන්න යන්නේ මුළු ලෝකෙම විනාසෙද? ලෝකෙම සලිත කරමින් හෙළි කළ අමෙරිකාවෙ ඉදිරි සැලසුම

මේ වෙන්න යන්නේ මුළු ලෝකෙම විනාසෙද? ලෝකෙම සලිත කරමින් හෙළි කළ අමෙරිකාවෙ ඉදිරි සැලසුම

දකුණු කොරියාවේ කම්හල ගින්නක් - 35 කට බරපතලයි

දකුණු කොරියාවේ කම්හල ගින්නක් - 35 කට බරපතලයි