ජංගම දුරකථන ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක් - අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (VIDEO)
ජංගම දුරකථනයක් මිල දී ගැනීමේ දී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක් ද යන්න තහවුරු කරගත යුතුය.
ඒ බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සඳහන් කළේ ය.
ඒ අනුව කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බව ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම මගින් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැකිය.
ඒ අනුව වැඩිදුරටත් ඇය සඳහන් කළේ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමත කළ දුරකථනයක්ම මිල දී ගත යුතු බවයි.
වීඩියෝ දර්ශන - Ada Derana