මෙහෙයුම සාර්ථකයි - මීගමුව බන්ධනාගාරයේ අතුරුදන් වුණු ගිනි අවිය සොයා ගනියි
මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත් ජූලි 6 වන දින ඇති වූ දරුණු ගැටුම අතරතුර අතුරුදහන්ව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවිය බන්ධනාගාර පරිශ්‍රය තුළ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකදී සොයා ගැනීමට සමත් වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ජූලි 6 වන දින බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මෙම ආයුධය අතුරුදහන් විය.
බන්ධ නිලධාරින්ට දුන් දස වද සියල්ල මරණ පරීක්ෂණයෙන් එළියට - ගුද මාර්ගයේ කොසු මිටවල් ලිංගික අවයවවලට හැඩි හානි
මේ අතර, පවතින බන්ධනාගාර තදබදය කඩිනමින් අඩු කිරීම සඳහා ඉදිරි දිනවලදී මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.