පුතෙකු විසින් අම්මා කෙනෙකුට කරන අතිශය සංවේදී ඉල්ලීමක්..

Sri Lanka Police Missing Persons Kandy Sri Lanka
By Aruna Aug 09, 2023 03:24 AM GMT
Aruna

Aruna

Report

“ අම්මේ මං දැන් ලොකුයි කොහේ හිටියත් ඉක්මනට ගෙදර එන්න මං අම්මව හොදින් බලා ගන්නම්.මෙච්චර කාලයක් මල්ලිවයි තාත්තවයි මං හොඳින් බලා ගත්තා''

මේ සංවේදී ඉල්ලීම සිදුකරනුයේ මහනුවර පූජාපිටිය බටගල්ලේ පදිංචි 17 හැවිරිදි සිසුවකු වන බස්නායක මුදියන්සේලාගේ දිල්ෂාන් එරන්ද පුතු විසිනි.

දිල්ෂාන් එරන්ද සිය මල්ලි, මව සහ පියා සමඟ කුඩා නිවසක ජීවත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත්, මෙයට වසර තුන හමාරකට පමණ පෙර එනම් එරන්දට අවුරුදු 13 හමාරක්ව සහ ඔහුගේ බාල සොහොයුරාට අවුරුදු හතර හමාරක්ව තිබියදී එක් දිනෙක සිය මව එක් වරම අතුරුදහන් වූ බව වාර්තා වනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි සිය මව දිනක් සේවයට ගිය පසු නැවත නිවසට නොපැමිණ බවයි එරන්ඳ ඔහු කියයි.

කුඩා මල්ලීව සහ අසනීප තත්වයෙන් සිටි සිය පියාව එදා පටන් මේ දක්වා බලා ගන්නේ තමන් බවත් මේ වන විට තමන් 17 හැවිරිදි වියේ පසු වන බවත් මල්ලී අට වන වියේ පසුවන බවයි එරන්ද පවසන්නේ.

එරන්ද පූජාපිටිය ජාතික පාසැලෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

එරන්දගේ පිය වන දැනට 55 වන වියේ පසුවන අතර ඔහුද රෝගී තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.

ඔහු සිය මවගෙන් ඉල්ලා සිටින්නේ සිය මව කොහේ සිටියත් මෙය දැක නිවසට එන ලෙසයි.

ඔහු අප සමඟ පැවසුවේ,

“ අම්මේ මං දැන් ලොකුයි අම්මා කොහේ හිටයත් ගෙදර එන්න මං අම්මව හොඳින් බලාගන්නම්.මෙච්චර කාලයක් තාත්තවයි මල්ලිවයි මං හොඳින් බලා ගත්තා “ යනුවෙනි .

ReeCha