අතුරුදන්ව සිටි දමිතා අධිකරණයට භාරවෙයි. - (VIDEO)
අතුරුදන් වී සිටි බව පැවසූ ප්රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහෙස්ත්රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකෙරන සහ පසුබිමකයි.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ප්රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්රාත් අධිකරණයට දැනුම්දී තිබුණේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බවයි.
එහිදී ඇය අදහස් දැක්වූයේ මෙලෙසින්,
"මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර. "