ගමක් කළඹමින් අතුරුදන්වූ ව්‍යාපාරිකයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Businessman
By Sewvandhi Aug 18, 2023 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිසිය පවසන්නේ, කොළොන්න නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ සැකයක් පවතින බවයි.

එයට හේතුව වන්නේ, ඔහු අවසන්වරට ගමන් ගත් වෑන් රථයේ තිබූ මිරිස් කුඩු සැක සහිත ලෙස විසිරී තිබීම හේතුවෙනි. එමෙන්ම ඔහු රුපියල් ලක්ෂ 70ක පමණ ණයක් විවිධ පුද්ගලයන් වෙත ගෙවීමට තිබී ඇති බව ද වාර්තා වී ඇත.

ඊයේ (17) ව්‍යාපාරිකයා අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ඔහුගේ බිරිඳ කොලොන්න පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව අදාළ ව්‍යාපාරිකයා ගමන් කළ වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදි.

පොලිසිය පවසන්නේ, එහි රියදුරු අසුනට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වී ඇති අයුරු ද දැකගත හැකිවුණු අතර, මෙහි මිරිස් කුඩු විසිරී තිබෙන අයුරු පිළිබඳ සැකයක් පවතින බවයි. ඒ, යම් කිසි පුද්ගලයකු විසින් මිරිස් කුඩු එහි ඉස ඇති අයුරින් විසිරී තිබීම හේතුවෙනි.

පොලීසිය සඳහන් කරන්නේ, මේ වන විට අදාළ ව්‍යාපාරිකයාගේ දුරකථන දත්ත පරීක්ෂා කරන බවයි.ඔහු ඊයේ රුපියල් ලක්ෂ 10ක මුදලක් දෙණියායේ පෞද්ගලික බැංකුවකින් ලබාගෙන, ඉන් රුපියල් 240,000ක් තවත් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම්වලට බැර කර, තවත් රුපියල් 29,000ක් උකස් තැබූ රන් භාණ්ඩවල පොලිය ලෙස ගෙවා තිබිණි.

එමෙන්ම අදාළ ව්‍යාපාරිකයා වසර 20ක පමණ කාලයක සිට ප්‍රදේශයේ අමු තේ දලු එකතු කර තේ කර්මාන්ත ශාලාවලට ලබාදෙන අතර, ඔහු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් ණයට ලබාගෙන ඇති බව ද වාර්තා වී තිබේ. මේ අතර, අතුරුදන් ව්‍යාපාරිකයා සොයා අද ප්‍රදේශවාසීන් අවට කැලෑබද ප්‍රදේශ ද සෝදිසි කර තිබිණි.  

ReeCha