ආර්ජන්ටිනා තරුණියගේ අස්ථානගත වූ ගමන් බෑගය සොයා දුන් මානුෂීය මෙහෙයුම

By Kanchana Apr 27, 2026 11:35 AM GMT
Report

     විදේශගත වීමට සූදානම්ව සිටියදී බස් රථයේදී අස්ථානගත වූ වටිනා ලියකියවිලි සහිත විදේශීය තරුණියක‌ගේ මගී බෑගය ඉතා ඉක්මනින් සොයා දිමට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සමත් වීමේ වාර්තා වී තිබේ .

වයස අවුරුදු 33ක් පමණ වන ආර්ජන්ටිනා ජාතික තරුණියක් මෙරට සංචාරය සඳහා පැමිණ විවිධ ප්‍රදේශවල සංචාරය කොට නැවත ඇයගේ මව් රටට යෑමට ගුවන් යානයක් සඳහා දින සහ වෙිලාව වෙන්කොට  ඇත.

ඒ සදහා ඉකුත්දා ගුවන්තොටුපල වෙත යෑමට එම තරුණිය ගාල්ල මාතර බස් රථයකින් මාතර නගරය වෙත යමින් සිටියදී ඇය සතු ගමන් මල්ල බස් රථයේ අතපසු වී ගොස් තිබේ .

දුම්රිය ධාවනය වේගසීමාවලට විතරයි - ගමන් ප්‍රමාද විය හැකියි

දුම්රිය ධාවනය වේගසීමාවලට විතරයි - ගමන් ප්‍රමාද විය හැකියි

අනතුරුව ඒ පිළිබඳව මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය වෙත දන්වා තිබේ. එම අවස්ථාව වන විට සිය රාජකාරි කාලය නිමවා නිවසෙහි සිටියදී දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක මහේෂ් දර්ශන ජයසිංහ මහතා ඒ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර තිබිණි.

නමුත් එම ගමන් බෑගය අතපසු වූයේ කුමන බස් රථයකද යන වගට තොරතුරක් නොමැති පසුබිමකදී බස් රථ කීපයක් පිළිබඳව අවධානය යොමු කොට තිබූ බවත් එම අතරතුරදී විදේශීය තරුණිය විසින් ලබා දුන් ඡායාරූපයක තොරතුරු පදනම් කරගෙන අදාළ බස් රථය සොයාගැනීමට මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ට හැකිව තිබේ ඒ අනුව එම බස් රථය සම්බන්ධ කර ගනිමින් එම මගී බෑගය සොයාගැනීමට හැකිි වී තිබේ. පසුව එම මගි බෑගය වහාම මාතර පොලිසිය වෙත ගෙන්වාගෙන ඇත එහිදි විදේශීය තරුණිය වෙත භාරදීමට කටයුතු කොට තිබේ.

ඇය විදේශගතවීමට නියමිතව තිබූ වේලාවද ආසන්නව තිබු නිසා ඇයට ගුවන් තොටුපළ වෙත යෑමට බස් රථයක් නොමැති පසුබිමක ඉතාමත්ම ඉක්මනින් ඇය කොළඹ ගුවන් තොටු‍පොළවෙත යැම සදහා අවශ්‍ය පහසුකම් ද ලබාදීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කටයුතු කර ඇත.

ලොවක් බලා සිටින IPL තරගයක් අද

ලොවක් බලා සිටින IPL තරගයක් අද

ඒ අනුව මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සහ මාතර පොලිසියේ , සහ මිරිස්ස සංචාරක පොලිසියේ නිලධාරීන්ගේ කැපවීම නිසා එම විදේශීය තරුණියට නියමිත වේලාවට විදේශ ගතවීමට අවස්ථාව හිමිව තිබේ