දුම්රිය ධාවනය වේගසීමාවලට විතරයි - ගමන් ප්‍රමාද විය හැකියි

By Kanchana Apr 27, 2026 10:49 AM GMT
Report

මින් ඉදිරියට වේගසීමා තරයේ පිළිපදිමින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ලොකමෝටිව් ඔපරේටිව් ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සදහන් කර තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව ද ඔහු අවධාරණය කර ඇත පසුගියදා වාද්දුවේදී පීලිපැනීමට ලක්වූ සාගරිකා දුම්රියේ රියදුරන්ගේ සේවය නතර කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

බොරලුකැටියේ ත්‍රී රෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මාරක අනතුරක්

බොරලුකැටියේ ත්‍රී රෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මාරක අනතුරක්

කෙසේ වෙතත් මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බව ද ජීව ගුණවර්ධන මහතා අවධාරණය කරන ලදි

"සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමකට ලක්වුණා. ඉන් පසුව ඊයේ (26) දිනයේදී එම දුම්රියේ සිටි අපේ රියදුරු ඇතුළු දුම්රිය කාර්ය මණ්ඩලය වැඩ තහනමකට ලක් කළා. ඊට පස්සේ ඒක වැරදි කියන එක පාලනාධිකාරියට ප්‍රකාශ කරලා, රාජකාරියට වාර්තා කරනවා නමුත් සේවය ලබා නොගන්නා මට්ටමට ලිහිල් වුණා. මේ සිදුවීමත් එක්ක ගත්තාම තාවකාලික වේගසීමා පවතින ස්ථානයක් නෙවෙයි. එහෙම ධාවනය වන අතරතුර පිලී පැනීමකට ලක්වෙලා තියෙනවා.

දුම්රියේ රියදුරා හෝ කාර්ය මණ්ඩලය චේතනාන්විතව මේක කරපු දෙයක් නෙවෙයි. දුම්රිය කාර්ය මණ්ඩලය පමණක් වැඩ තහනමට ලක් කළා මුලින්ම. අපි පැහැදිලිවම මේකට විරෝධය පළ කළා. අපිට ධාවනයට ලබාගන්නා දුම්රියවල බොහෝ අඩුපාඩු තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ගයත් නිසි නඩත්තුවකින් ඉදිරියට යන්නේ නැහැ.

සියලු කාරණ එසේ තිබියදී දුම්රිය කාර්ය මණ්ඩලය පමණක් වැඩ තහනම් කිරීම තරයේ හෙළා දකිනවා. ඊට අමතරව අපිට ලබාදීලා තිබෙන කාලසටහන අනුව අපි දුම්රිය නිසිවෙලාවට ධාවනය කරන්නේ, දුම්රිය රියදුරා විසින් තමන්ගේ රැකියාව අවධානමකට ලක් කරමින්. එහෙම තමයි අපි දුම්රියක් වෙලාවට ධාවනය කරන්නේ. ඒක නිසා අපි තීරණය කළා මින් ඉදිරියට ඒ අවධානම ලබානොගෙන දුම්රිය ධාවනය කරන්න. දුම්රිය ධාවනය වෙනවා, යම් ප්‍රමාදයක් සහිතව වෙයි. ධාවනය වන දුම්රියන්වල ලොකු තාක්ෂණික අඩුපාඩු තියෙනවා.

දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් වේගසීමා පිළිපදින්න කිව්වාට, සියයට 80කගේ පමණ වේගසීමා නිර්ණනය කරගැනීමට අවශ්‍ය දත්ත ලබාගත හැකි මීටර් ඇතුළු බොහෝ උපාංග නැහැ. ඒ නිසා අපි යම් කාලයක් ලබාදී අඩුපාඩු සහිත දුම්රියන් අලුත්වැඩියා කරලා දෙන්න කියලා ඉල්ලනවා. එසේ නොකරන්නේ නම් ඒවායේ ධාවනයෙන් ඉවත් වෙන්න අපි තීරණය කරලා තියෙනවා."