විවාහක වෛද්‍යවරයෙක් නිසා කැරොලිනා රූ රැජින කිරුළ අත්හරියි.

Japan Ukraine
By Wayomi Feb 06, 2024 08:04 AM GMT
Wayomi

Wayomi

Report

ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ශීනෝ නම් තරුණිය එම කිරුළ නැවත භාර දීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, ඇය විවාහක පුද්ගලයෙක් සමඟ අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුවයි.

ඇයගේ අනියම් සම්බන්ධතාවය ගැන ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් වාර්තා කර ඇති අතර මීට පෙර ඇයට විරෝධය එල්ල වූයේ ඇයගේ යුක්‍රේන සම්භවය හේතුවෙන්.

"Shukan Bunshun" නම් ටැබ්ලොයිඩ් පුවත්පත වාර්තාකර තිබුණේ ශීනෝ, විවාහක වෛද්‍යවරයෙක් සමඟ සම්බන්ධතාවයක් පවත්වන බවත් ඇය ඒ සම්බන්ධයෙන් රූ රැජින තරගයේ සංවිධායකයින්ට බොරු කියා ඇති බවත්ය.

කෙසේ වෙතත් එහිදී ඇය පවසා තිබුණේ එම පුද්ගලයා විවාහකයෙක් බව නොදැන සිටි බවත්, නමුත් ටැබ්ලොයිඩ් පුවත්පතේ ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමගම ඇය තමා අසත්‍ය පැවසූ බව පිළිගෙන සිය කිරුළ නැවත භාර දුන් බවත්ය.  

විවාහක වෛද්‍යවරයෙක් නිසා කැරොලිනා රූ රැජින කිරුළ අත්හරියි. | Miss Carolina Relinquishes The Crown

ReeCha