පොලිසිය කළ නොමනා ක්‍රියාවක් නිසා තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි වෙයි. - (VIDEO)

Sri Lanka Police Hospitals in Sri Lanka
By Wayomi Apr 11, 2024 12:01 AM GMT
Wayomi

Wayomi

Report

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ පුවතක් වාර්තා වෙනවා.

එලෙස තුවල ලබා ඇත්තේ, මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි දිලීෂ සංගීත් නමැති තරුණයෙක්.

පොලීසිය පවසන්නේ තරුණයාට පහර නොදුන් අතර ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කළහකාරී ලෙස හැසිරුණු බවය.

පසුගිය 7 වනදා මෙම පහරදීම සිදු කර ඇති අතර මෙම පහරදීම සිදු වී ඇත්තේ ඉකුත් 7 වැනිදාය තරුණයා ලොරියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති පොලිසි නිලධාරීන් දෙදෙනකු ලොරිය මඟ හරස් කර නතර කරවාගෙන තමාටත් තමාගේ යහළුවකුටත් අත පය ගැට ගසා වාහනයකට දමා පහර දුන් බවට ඔහුගේ මව චෝදනා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය සඳහන් කළේ තරුණයින් දෙදෙනා ගමන් ගත් ලොරි රථය නවත්වන ලෙසට අණ කළ ද ඔවුන් අඛණ්ඩව ඉදිරියට ධාවනය කිරීම නිසා හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවත්, ඔවුන් සන්තකයේ නීතිවිරෝධී මත්පැන් වර්ගයක් තිබී ඒවා එම අවස්ථාවේ රථයෙන් ඉවතට විසිකර ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් අදාල තරුණයාගේ පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපෑ අදාල තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කළ බවයි.  

.......................................................................

May you Like 



Gallery