මල් කඩාගෙන නිවසට එමින් සිටි සිවුදරු මවට අත්වූ බිහුසුණු ඉරණම - (VIDEO)

Report

පිළියන්දල මිරිස්වත්ත හන්දිය ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස්රථයක ගැටීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් අද (06) අලුයම මිය ගිය බව පිළියන්දල පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි සිව් දරු මවකි.

නිවසේ සිට මාර්ගය ඉදිරිපස ප්‍රතිවිරුද්ධ දිසාවට මල්කැඩීමට ගොස් යළි නිවස කරා මාර්ගය හරහා පැමිණිමෙන් සිටියදී පිළියන්දල සිට කැස්බෑව දෙසට ගමන් ගත් ජාත්‍යන්තර පාසලකට අයත් සුඛෝපභෝගී බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.

බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පිළියන්දල පොලීසිය පරීක්ෂණ පවත්වන අතර අනතුර සිදුවන අයුරු CCTV කැමරාව සටහන්ව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now