ලංකාවෙදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට වෙච්චි වැඩක්

Report

නාරාහේන්පිට   තිඹිරිගස්යාය මාර්ගයේ දී බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් නම් කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගත වී ඇත.

ඉන් පසුව එම මුදල් පසුම්බිය තිඹිරිගස්යාය මාර්ගයේ වැටී තිබියදී   සොයා ගෙන තිබුණේ  අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් සමන්මී යන නිලධාරීනියන් විසිනි.

ලංකාවේ මුස්ලිම් ජනතාවට සුබ ආරංචියක්

ලංකාවේ මුස්ලිම් ජනතාවට සුබ ආරංචියක්

 එම මුදල් පසුම්බියේ හිමිකාරිණිය වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අගමැති ආරක්ෂක කොට්ඨාසයට ගෙන්වා එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත්‍ර ද සිල්වා මහතා එම මුදල් පසුම්බිය නැවත ඇය වෙතට ලබා දීමට කටයුතු කර තිබේ.

එම මුදල් පසුම්බිය තුළ රුපියල් 6,000ක් හා මෙරට මුදලින් රු ලක්ෂ 6ක පමණ වටින යුරෝ, අමෙරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදි විදෙස් මුදල් තීබී ඇති බව වාර්තා වේ.

‘මිදිගම ලසා’ගේ ඝාතනයට ‘මිදිගම රුවන්’ ගැන විමර්ශන ඇරැඹේ

‘මිදිගම ලසා’ගේ ඝාතනයට ‘මිදිගම රුවන්’ ගැන විමර්ශන ඇරැඹේ