මිරිහානෙ දී නීත්‍යානුකූල නොවන ජීප් රථයක් සොයා ගනී
තීරුබදු නොගෙවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන එන ලද ජීප් රථයක් මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබියදි මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී සොයාගෙන ඇත.
පොලීසිය සදහන් කළේ ව්‍යාජ ලෙස ලේඛන සකස් කළ වර්තමාන හිමිකරුගේ නිවසේ තිබි එම ජීප් රථය සොයාගත් බවයි.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී එම ජිප් රථය හා එම රථයේ දත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද වෙනත් ජීප් රථයක දත්තවලට ව්‍යාජව ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බව අනාවරණ වි තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.