ජලාශ 15ක වාන් දොරටු විවෘත කරලා - මෙන්න මේ අය සැලකිළිමත් වෙන්න
By Kanchana
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බවයි.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.
තවද රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක් ද වාන් දමන බව වාර්තා වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ අශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයින් සැළකිලිමත් වන ලෙසටයි.