මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ - ටී.බී.

Report

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් සාමාන්‍ය පුරවැසියාට පාරේ බැහැලා යන්නට ඇති නිදහස අද වන විට තහවුරු වී ඇති බව අවධාරණය ක‍ර ඇති බව සඳහන්.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්නේ නැති බවත්, රටේ ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති බවත් ඔහු පවසන බව වාර්තා වේ.

එමෙන්ම වර්තමාන ආණ්ඩුව කිසිදු පාතාල නායකයෙක් ආරක්ෂා නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම “මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ” යැයි ප්‍රකාශ කළ ඔහු කුඩු ගේන්නන්හට හෝ අපරාධකාරයන්ට පොලිස් ආරක්ෂාව දුන්නොත් රටට කුමක් වේදැයි ප්‍රශ්න කර ඇති බව ද සඳහන්.

ඇමති රට ඉද්දි ලේකම් දුන්න සේවා දිගුව අහලා කුමාර ඇමතිට මල පනී - ආපු ගමන් අවලංගුයි

ඇමති රට ඉද්දි ලේකම් දුන්න සේවා දිගුව අහලා කුමාර ඇමතිට මල පනී - ආපු ගමන් අවලංගුයි

ඊට අමතරව අතීතය සිහිපත් කළ නියෝජ්‍ය ඇමතිවරයා විසින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේදී ගෝනවල සුනිල් නම් පාතාල නායකයෙකුට ලංකාවටම බලපාන සාමදාන විනිශ්චකාරකම දුන් බව සහ ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේදී සොත්ති උපාලි වැනි පාතාල මැර නායකයන් ආරක්ෂා කළ බවත් දන්වා සිටි බව වාර්තා වේ.

එසේ වුවත් වත්මන් ආණ්ඩුව එවැනි අපරාධකාරයන්ට, කුඩුවලට හෝ පාතාලයට ආරක්ෂාව ලබා නොදෙන බව ද අවධාරණය කර ඇත.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වර්තමාන පාලකයා ළඟ මැර කණ්ඩායම් නැති නිසා මැර කණ්ඩායම් හුදෙකලා වී තමන් අතර ගැටුම් ඇති කර ගන්නා බවයි.

කෙසේ වෙතත් රටේ මහජන නියෝජිතයෙකුට වෙඩි තබා මරා දැමීම අනුමත නොකරන බව පවසා ඔහු තවදුරටත් “මුං වපුරලා තල නෙළන්න බෑ” යනුවෙන් පැවසූ බව වාර්තා වේ.

රනිල් ආයෙත් ලෝක අමාරුවක ලොකු ප්‍රශ්ණයක්

රනිල් ආයෙත් ලෝක අමාරුවක ලොකු ප්‍රශ්ණයක්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්