දෙයියනේ මෙහෙමත් තිර්සන්නු - මහළු කාන්තාවක් දූෂණය කරලා මරලා දාලා
වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එසේ ඝාතනය කර ඇත්තේ මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 71 කාන්තාවක් බව සඳහන්.
ඇගේ සැමියා මීට වසර දෙකකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇත. එබැවින් ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ සිට තිබෙනවා.
පොලීසිය වාර්තා කළේ යාබඳ නිවසක කාන්තාවක් ඊයේ (24) දින නිවසට පැමිණ බැලීමේ දී මිරිස් කුඩු මුහුණේ ඇතිව බිම වැටී සිටිනු දැක පොලීසියට දැනුම් දුන් බවයි.
මේ අතර මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණයට ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස පොලීසියට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය මඟින් සිදුකරයි.