මේ ගංඟා ආශ්‍රිත පහත්බිම්වලට පැය 24ක ගංවතුර අනතුරු ඇඟවීමක්

Report

ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (24) අලුයම 2.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (25) අලුයම 2.30 දක්වා වලංගු වේ. ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ ජල මාපකවල මට්ටම් විශ්ලේෂණය අනුව තවලම, නාගොඩ, බද්දේගම සහ වැලිවිටිය-දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව පෙන්වා දී ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

එමෙන්ම නිල්වලා ගංඟ ද්‍රෝණියේ ජල මට්ටම් අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් සඳහා ද සුළු ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල වැසියන්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්