පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ වෙනසක් - පොලිස් මූලස්ථානයෙන් දැනුම්දීමක්
පොලිස් නිෂ්කාශන අයැදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය විසින් නව පියවරක් ගෙන තිබේ.
ඒ අනුව 2026 සැප්තැම්බර් මස 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිෂ්කාශන අංශය වෙත වට්ස්ඇප් මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා 071-8595950 යන නව දුරකථන අංකය හඳුන්වා දී ඇත.
මෙම අංකය වට්ස්ඇප් පණිවිඩ සඳහා පමණක් වෙන්කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අයැදුම්කරුවන්ට තමන්ට අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් පණිවිඩ මඟින් යොමු කිරීමටත්, පොලිස් නිෂ්කාශන අංශය සමඟ සෘජුව පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදු කිරීමටත් මේ හරහා පහසුකම් සැලසෙනු ඇත.