උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ - අද සිට දිවයින පුරා පැවැත්වේ - විභාග දෙපාර්තමේන්තුව

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබුණි.

ඒ අනුව උසස් පෙළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (24) සිට දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇත. එබැවින් (2026.09.24 – 2026.10.03) දක්වා නර්තනය (දේශීය) නර්තනය (භරත) සංගීතය (පෙරදිග) සංගීතය (කර්ණාටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

එසේම ඉංජිනේරු තාක්ෂණවේදය (2026.09.30 – 2026.10.10) දක්වාත් ගෘහ ආර්ථික විද්‍යාව (2026.10.10 – 2026.10.20) දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය (2026.10.17 – 2026.10.21) දින දක්වාද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉහත විෂයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපෑල මඟින් යැවීමට කටයුතු කර තිබෙන බවයි.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

එමෙන්ම මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් ඇත්නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකි බව සඳහන් වේ.

ක්ෂණික දුරකථන: 1911

දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208

විද්‍යුත් තැපෑල: gcealexam@gmail.com