රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.!!!

Government Employee Sri Lanka Sri Lanka Government
By Aruna Jul 07, 2022 06:28 AM GMT
Aruna

Aruna

Report

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ, නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සියලු ආයතන ප්‍රධානීන් වෙත ඊයේ (06) දිනයේ දැනුම් දී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයට පැමිණෙන දෛනික සේවාලාභීන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්, අදාළ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් තාවකාලික පදනම මත මාස තුනක කාලයක් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කරන ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් ඉල්ලීමක් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අදාළ තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කිලෝමීටර් 10ක් දුරින් පදිංචි කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරින් මාස තුනක කාලයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටයි තීරණය කර ඇත්තේ.

එසේ ම අදාළ රාජකාරිය සඳහා දිවා රාත්‍රී සේවා මුර ක්‍රමයට සේවය කිරීමට කැමැත්ත පළ කරන නිලධාරීන්ගේ ඉල්ලීම් හා ඒ පිළිබඳව නිර්දේශ ලබන 11 වැනි දිනට පෙර ලබාදෙන ලෙස සියලු ආයතන ප්‍රධානීන් වෙත ඒකාබද්ධ සේවා අධයක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා ප්‍රමුඛත්ව දී කටයුතු කරන ලෙසත්, ඉල්ලීම් ලැබීමේ අනුපිළිවෙලට අනුයුක්ත කිරීම් සිදුකරන බවත් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ දැනුම් දීමේ සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now