හරක්ට දෙන තණකොල වවන්න චීනයෙන් එයි..

Report

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කළ නොහැකි ඉඩම්වල සත්ත්ව ආහාර වශයෙන් ඇල්ෆැල්ෆා නමැති තෘණ විශේෂය වගා කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ සඳහා චීනයේ සමාගමක් ඉදිරිපත් වී ඇති අතර එහි නියෝජිත පිරිසක් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වී ඇත.

එහිදී මෙම ඇල්ෆැල්ෆා ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, ඇල්ෆැල්ෆා යනු ගවයින්ට ලබා දෙන තෘණ විශේෂයක් වන බවත් දැනට මෙරට ඇල්ෆැල්ෆා වගාව නොමැති බවත් ය.

කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතිය යටතේ වගා කරන ඇල්ෆැල්ෆා සකස් කිරීමෙන් අනතුරුව චීනයට එය අපනයනය කිරිමටත් තීරණය කර ඇත.

එමෙන්ම ඇල්ෆැල්ෆා සත්ත්ව ආහාරයක් ලෙස සැකසීම සඳහා කර්මාන්තශාලාවක් හා කාර්යාල පරිශ්‍රයක් ද ඉදි කිරීමට නියමිතයි.