බහාලුම් නිදහස් කරාට ඇමතිවරු පළි නෑ - නලින්ද කෑගහයි

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව ඇමැතිවරු නියෝග ලබාදුන් බව කිසිදු තැනක සඳහන්වී නොමැති බවයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ පැනවලට පිළිතුරු දෙමින්.

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව

රේගුවේ රතු ලේබලය සහිත බහාලුම් භෞතිකව සහ ස්කෑන් පරීක්ෂාවකට ලක්කළ යුතු බවත්,සෑම වසරක් අවසානයේදීම රේගුවේ බහාලුම් තදබදයක් ඇතිවන බවත්,ඒ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරන කමිටුවක නිර්දේශ මත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව තීරණ ගන්නා බවද ඇමැතිවරයා පැවසුවා.

මීට පෙර අවස්ථා 14 කදී බහාලුම් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම කමිටුව විසින් නිදහස් කර තිබෙන බව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විමර්ශන වාර්තාවෙන් තහවුරු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඇමැතිවරයා පැවසුවේ කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත මෙන්න

2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත මෙන්න