මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව [PHOTOS]
ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරෙන් ඔහුගේ සහෝදරයා, 26 හැවිරිදි පෘතුගීසි ඉදිරිපෙළ ක්‍රීඩක ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත. වාර්තා සඳහන් කරනේ, ඔවුන් ගමන් කරමින් සිටි ලැම්බෝගිනි වාහනයක්, අනෙකුත් වාහනයක් පසුකර යෑමේදී ටයරයක් පුපුරා යෑමෙන් මාර්ගයෙන් ඉවතට විසිවී ගිනිගෙන ඇති බවය.
ජෝටා, පසුගිය ජුනි 22 වැනිදා රූට් කාර්ඩෝසෝ සමඟ විවාහ වුණාය. විවාහ උත්සවයේ නිල වීඩියෝව ඔහුගේ මරණයට පැය කිහිපයකට පෙර සමාජ ජාලවලට නිකුත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩියෝගෝ ජෝටා, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාවය ජය ගැනීමේදී වැදගත් දායකත්වයක් ලබා දුන් අතර, නේෂන්ස් ලීග් අවසන් තරඟයේදීත් පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළේය.
ඔහු ජාත්‍යන්තර තරඟ 50කට ආසන්න ගණනක් සඳහා යෙදී තිබෙන විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස සැලකේ. ඔහුගේ සහ සහෝදරයාගේ අභාවය, පෘතුගාල පාපන්දු ක්ෂේත්‍රයට අලුත් නොකැමති වියැකීමක් බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.





