ඇමති බංගලාවලට ආයෝජකයෝ පොරකතියි

Report

 ඇමැති බංගලා වත්මන් රජය පාවිච්චියට නොගන්නා බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් නිසා  ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

ඇමැති බංගලා දෙන ලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව හැටක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

 එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සදහන්  කළේය. ඇමති බංගලා පනහක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?