''මාධ්‍යකරුවාත්, ආයතනත්, ග්‍රාහකයාත් ආරක්ෂා වන අයුරින් නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කලා '' ඇමති නලින්ද කියයි

Report

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍යකරුවාත්, ආයතනත්, ග්‍රාහකයාත් ආරක්ෂා වන අයුරින් නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

 අමාත්‍යවරයා සදහන් කළේ මේ අතර ජාත්‍යන්තරයේ කුමන ආකාරයේ ගැටුම් පැවතිය ද රටට අවශ්‍ය ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කරන බවයි.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සංවර්ධිත කෙටුම්පත අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නට පිරිනමන ලදි.

මෙය සකස් කර ඇත්තේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම සඳහා පත්කළ මෙහෙයුම් කමිටුව මගිනි ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවට සහාය දක්වනු ලබයි .

මෙම ප්‍රතිපත්ති මාලාව බහුපාර්ශවිය කමිටුවක් මගින් 2023 වසරේ සිට 2025 දෙසැම්බර් දක්වා කෙටුම්පත් කර ඇත.

මෙම කමිටුවට    රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා කතෘ සංසදය, මාධ්‍ය විද්‍යාර්ථයින් මෙන්ම මාධ්‍ය විශේෂඥයන්    ඇතුළත්ය.

ඒ අනුව වත්මන් රජය 2025 මුල් භාගයේ දී බහුපාර්ශවිය කමිටුවක් ද පත් කර තිබේ.

එහි සාමාජිකයන් 28 දෙනෙකුගෙන් යුත්තය මේ අතර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර පල්ලේකැලේ පිහිටි ඖෂධ හා ශල්‍ය උපකරණ නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

 වාර්ෂිකව රුපියල් බිලියන 200ක් පමණ වැය කරමින් ආනයනය කරන ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට වැය වන මුදල ඉතිරි කර ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තව දුරටත් ප්‍රකාශ කර තිබේ.