විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා BIMSTEC සමුළුව සඳහා එක්වෙයි...
ඉන්දියාවේ දී පැවති දෙවන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද එක්ව තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ වී ඇති බව සඳහන් වේ.
මෙහිදී වෙළඳාම, සෞඛ්‍ය සේවා සහ ධාරිතා සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල සම්බන්ධතා සහ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුව ඇති බවයි වාර්තා වේ.
එමෙන් ම, සමුළුවට සමගාමීව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ද පැවත්වී තිබෙනවා.
එහිදී, ඵලදායී ද්විපාර්ශ්වික කතාබහක් අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවැත්වීමට හැකිව තිබෙන අතර වැඩිදියුණු කළ සම්බන්ධතාව සහ කලාපීය සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
