වාහනයේ අයිතිකරු වෙනස් වෙලා QR වල ගැටළු මතු වුණා, බොහෝ ගැටළු විසදලා ඉවරයි ඇමති නලින්දගෙන් පැහැදිළි කිරීමක්

Report

මේ වනවිට ඉන්ධන ලබාගැනීමේදී භාවිතාකරන QR කේතයට අදාළ බොහෝ ගැටලු මේ වනවිට නිරාකරණය වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.

 ඒ වගේම පෙර සිට QR කේතයක් තිබූ වාහනයක් හා එම අංකය නොවෙනස්ව පවතින අවස්ථාවල කිසිදු ගැටළුවක් නොමැතිව එම QR කේතය භාවිතා කළ හැකි බවත් ඔහු සදහන් කරයි.

 තවද වාහනය ඒකම වුවද අංකය අලුත් කර ඇති අවස්ථාවල, නව QR කේතයක් ලබාගැනීම සඳහා යම් කාලයක් ලබා දීමට සිදු වූ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

 ඒ වගේම නව වාහන මිලදී ගත් අය සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර තිබෙන බවත් ඔහු සදහන් කරයි.

තවද ඔහු ප්‍රකාශ කළේ එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර තිබෙන බවයි

අමාත්‍යවරයා පැහැදිලි කළේ මේ වනවිට ප්‍රධාන ගැටලුව වන්නේ වාහනයේ අයිතිකරු වෙනස්වීම සම්බන්ධයෙන් බවත් එවැනි අවස්ථාවලදී පෙර අයිතිකරුගේ QR කේතය ඉවත් නොකිරීම හේතුවෙන් ගැටලු මතුව තිබෙන බවයි.

QR එකට පිටින් යන ෂෙඩ්වලට වැඩ වරදින ලකුණු

QR එකට පිටින් යන ෂෙඩ්වලට වැඩ වරදින ලකුණු

එම ගැටලුවද මේ වනවිට නිරාකරණය කරමින් පවතින බව ඔහු සදහන් ක‍ර ඇත.

 කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තව දුරටත් ප්‍රකාශ කළේ පැයකට වාහන 30,000ක් පමණ පද්ධතියට ලියාපදිංචි වෙමින් පවතින බවත් එය සැලකිය යුතු ප්‍රගතියක් බවත් QR කේත පද්ධතියට අදාළ ගැටලු බොහෝමයක් මේ වනවිට සාර්ථකව විසඳමින් පවතින බව‍යි.

ඉරානය දරුණු වෙයි - IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරයට පළිගන්නා බව අනතුරු අගවයි

ඉරානය දරුණු වෙයි - IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරයට පළිගන්නා බව අනතුරු අගවයි