පොලීසියට රැගෙනආ හිටපු ප්‍රා ස මන්ත්‍රීවරයෙකු අභිරහස් ලෙස මිය යයි
By Sithumi
හුංගම පොලීසිය අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලීසිය තුළදී මියයෑමේ සිද්ධියක් වාර්තා වී තිබේ. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමතිලක අමරවීර නමැති 62 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අද හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පෝය දිනයේ මත්පැන් අලෙවි කළේ යැයි චෝදනාවක් මතය. අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා හුංගම පොලීසියට රැගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළ ඇඳ වැටී තිබේ.
පසුව සැකකරු රන්න රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.
සැකකරු මියයාමත් සමග ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළේය.